යළි විවෘත වූ පාවෙන වෙළෙද සංකීර්ණය (වීඩියෝ)

අප්‍රේ 08, 2021
  • කීකොළඹ, පිටකොටුව පාවෙන වෙළෙද සංණීර්ණය ප්‍රතිසංස්කරණයෙන්‌ පසු ඊයේ සවස යළි විවෘත කරුණා.

    යහපාලන රජය සමයේ එය නිසි නඩත්තුවකින්‌ තොරව තාවකාලිකව වසා දමා තිබුණා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්‍ෂක ඉල්කම්‌ ලෙස කියා කළ අවදියේ එතුමාගේ සංකල්පයකට අනුව ගොඩනගන ලද මෙම පාවෙන වෙළඳ සංකීර්ණය විවෘත කෙරුණේ, 2014 වසරේ අගෝස්තු මස 25 වැනි දිනයි. එහෙත්‌, පැවති යහපාලන රජය එය නිසි නඩත්තුවකට ලක්‌ නොකර අතහැර දමා තිබු අතර, එම නිසා මෙහි වෙළෙඳසැල්‌ 80%ක්‌ පමණ වැසී යාමට ලක්ව තිබුණා.

    පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ යළි ආරම්භ කෙරුණේ, ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ මඟපෙන්වීම හා උපදෙස්‌ මතයි. ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට රජය වැය කර ඇති මුදල රුපියල්‌ මිලියන 35ක්‌. උද්‍යානයක්‌ ස්ථාපනය, ජලය පවිත්‍ර කිරීමේ උපාංග පද්ධතියක්‌ සවි කිරීම, පදිකයින්‌ සඳහා පාලමක්‌ ඉදිකිරීම, ඩී. ආර්.‌ විජේවර්ධන මාවත සහ පාවෙන වෙළෙඳ සංකීර්ණය පදික මාරුවක්‌ මගින්‌ සම්බන්ධ කිරීම ද ඇතුළත්ව මෙහි සංවර්ධන කටයුතු තවදුරටත්‌ කියාත්මක කිරීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 08 අප්‍රේල් 2021 18:14

    Latest News