මේ වනවිට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් ගණන 2,485 ක් පමණයි

අප්‍රේ 08, 2021

    අද (08) උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන්‌ කොව්ඩ්‌ - 19 ආසාදිත පුද්ගලයින්‌ 221 දෙනෙකු හදුනාගෙන ඇත.

    එම‌ පුද්ගලයින්‌ අතරින්‌ පුද්ගලයින්‌ 31 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශිය පුද්ගලයින්‌ ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින්‌ 190 දෙනා දේශීයව හඳුනාගත්‌ ඇසාදිතයින්‌ ලෙස වාර්තා වේ. හඳුනාගත්‌ අංසාදිතයින්‌ අතරින්‌ වැඩිම ආසාදිතයින්‌ පිරිසක්‌ කළඹ දිස්ත්‍රික්කයෙන්‌ වාර්තා වන අතර, ඒ ආසාදිතයින්‌ 54 ක්‌ ලෙසයි. ඊට අමතරව, යාපනය දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 46 ක්‌ සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 29 ක්‌ ලෙස වාර්තා වේ. අනෙක්‌ ආසාදිතයින්‌ 61 දෙනා දිවසිනේ සෙසු දිස්ත්‍රික්කවලින්‌ චාර්තා වේ.

    ඒ අනුව අද වනවිට, මිනුවන්ගොඩ බැන්ඩික්ස්‌ පොකුරට සහ කොළඹ මක්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන්‌ වාර්තා වූ කොවිඩ්‌ - 19 වෛරය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 89,935 ක්‌ වේ. ඉන්‌ පුද්ගලයින්‌ 89,517 දෙනොතු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්‌-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ ආසාදිතයින්‌ සංඛ්‍යාව 93,992 ක්‌ වන අතර ඉන්‌ පුද්ගලයින්‌ 90,916 න් පූර්ණ සුවය ලබා රෝහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත. එමෙන්ම රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින්‌ 2,485 දෙනෙකු තවදුරටක්‌ ප්‍රතිකාර ලබති.

    Latest News