පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

අප්‍රේ 08, 2021

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් පවති.

    ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ.

    අද (08) දින දහවල් 12.12ට බෝලවත්ත, වෑදෙණිය, වට්ටාරම, අඹගමුව, දිගන, මහවල, ගල්ගමුව, අම්පාර සහ ඔලුවිල් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

    Latest News