ගම්මිරිස් කිලෝවක් රු. 800කට මිලදී ගැනීමට රජයෙන් වැ‍ඩපිළිවෙළක්

අප්‍රේ 07, 2021

    ගම්මිරිස් කිලෝවක් රුපියල් 800කට මිලදී ගැනීමේ වැ‍ඩපිළිවෙළක් රජය ආරම්භ කර තිබේ.

    ඒ, උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස් ඇතුළු කුඩා වැවිලි බෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්. රජයේ මැදිහත්වීමට පෙර අතරමැදි වෙළෙඳුන් ගම්මිරිස් කිලෝවක් මිලදී ගත්තේ, රුපියල් 300, 400 වැනි මිල ගණන්වලටයි.

    දිවයිනේ ප්‍රදේශ රැසක ගම්මිරිස් වගාකරුවන් මුහුණ දී ඇති තත්වය පිළිබඳ අවධානය යොමුකර රජය ගම්මිරිස් ‍කිලෝවක් රුපියල් 800කට මිලදී ගැනීමට පියවර ගත්තේය. ඒ යටතේ අද පමණක් ඇඹිලිපිටිය, කොලොන්න ආදී ප්‍රදේශවල ගම්මිරිස් කිලෝ 5,000කට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන තිබේ.

    ඊට වැය කර ඇති මුදල රුපියල් හතළිස් ලක්‍ෂයක්. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ද මේ අවස්ථාවට එක්විය. මීට පෙර මීමුරේ ප්‍රදේශ‍යේ ද රජයේ මැදිහත්වීමෙන් කිලෝවක් රුපියල් 800 බැගින් ගම්මිරිස් මිලදී ගනු ලැබීය.

    Latest News