දූෂණ සහ වංචා මුලිනුපුටා දැමීමට ක්‍රියා කරනවා; නිමල් වාකිෂ්ට

අප්‍රේ 07, 2021

    මෙරට දූෂණ සහ වංචා මුලිනුපුටා දැමීම සඳහා උපරිම විනිවිද භාවයකින් ක්‍රියා කරන බව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් පළ කෙරිණ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය සහ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර යන කොමසාරිස්වරු ද කොමිෂන් සභාවේ සෙසු නිලධාරින් කිහිප දෙනෙක් ද මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

    කොමිසම අධිකරණයේ ගොනුකර තිබූ නඩු ඉල්ලා අස්කර ගැනීම සහ එම ඉල්ලා අස්කර ගත් නඩු සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ද පැහැදිලි කෙරිණ.

    Latest News