සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදින්න ඇමැති කෙහෙලිය දැනුම්දෙයි

අප්‍රේ 07, 2021

    උත්සව සමයේ සෞඛ්‍ය උපදෙස් දැඩි ලෙස පිළිපදින ලෙස ජනමාධ්‍ය ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව විශාල වශයෙන් වෙළෙඳසල්වලට ඒකරාශී වීම හේතුවෙන් කොවිඩ් වසංගත තත්ත්වය නැවත උත්සන්න වීමට ඉඩ ඇති බැවින් එම තත්ත්වය වැළැක්වීම සඳහා රජය ගන්නා පියවර කුමක්දැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (6) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විිසින් මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අංශ, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හා පොලිසිය වෙත මේ වන විටත් ලබා දී අවශ්‍ය දැනුම්වත් කිරීම් සිදුකිරීමට රජය පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා එහිදී පැවසීය.

    Latest News