කොවිඩ් වසංගතයෙන් පසු විශ්වවිද්‍යාල යළි විවෘත කළ යුත්තේ කෙසේද, ඒ සඳහා අනුගමනය කළ යුතු විශේෂ ක්‍රියා පිළිවෙත් මොනවාද , දේශණ පැවැත්විය යුත්තේ කෙසේද ආදී කරුණු පිළිබඳව විශේෂ චක්‍රලේඛයක් , සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් සකස් කරමින් සිටින බවද එම උපදේශන මාලාව ඉදිරියේදී නිකුත් කරන බව සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.
විශ්වවිද්‍යාල පද්ධතියට කොවිඩ් එන්නත ලබාදිමෙන් පසු අධ්‍යනය කටයුතු ආරම්භ කිරීමට මීට පෙර සැළසුම් කර තිබේ. එහෙත් කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම ප්‍රමාද වීම හේතුවෙන් සහ සිසුන්ට තවදුරටත් විශ්වවිද්‍යාලයන්ට පැමිණීම ප්‍රමාද කළ නොහැකි බැවින් සෞඛ්‍ය උපදෙස් මාලාව ලැබුණු පසු අධ්‍යනය කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇත.