"ලුනාව සී විව් රෙසිඩන්ස්" නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් (වීඩියෝ)

අප්‍රේ 05, 2021
  • "ලුනාව සී විව් රෙසිඩන්ස්" නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් වී තිබේ.

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ "සෞභාග්‍යා පියස" නමින් ඉදි කෙරුණු ප්‍රථම නිවාස සංකීර්ණය මෙයයි. ව්‍යාපෘතිය ඉදි කළේ, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියයි. ඊට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 1,392ක්. මහල් සංකීර්ණය, කොටස් තුනකින් සමන්විතයි.

    සම්පූර්ණ නිවාස සංඛ්‍යාව 356ක්. පළමු ගොඩනැගිල්ල නිවාස 176කින් සමන්විත වන අතර, දෙවැනි ගොඩනැගිල්ල නිවාස 92කින් සමන්විතයි. තෙවැනි ගොඩනැගිල්ලේ පිහිටි නිවාස සංඛ්‍යාව 88ක්. නිවසක වපසරිය වර්ග අඩි 456ක්. ඊට නිදහ කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුළුතැන් ගෙයක්, නාන කාමරයක් සහ සඳලුතලයක් ඇතුළත්.

    සාප්පු සංකීර්ණයක්, පෙර පාසලක්, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් හා ප්‍රජා ශාලාවක් ද ව්‍යාපෘතියට අයත්වේ. ඉදිකිරීම් සිදු කළේ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවයි. උපදේශකත්වය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව විසින් ලබාදී තිබේ.

    මෙම නිවාස ලක්‍ෂ 45ත්, 55ත් අතර මිලකට දිවයිනේ නිවාස නොමැති ඕනෑම පුද්ගලයෙකුට ලබාගත හැකිය.

    Last modified on සදුදා, 05 අප්‍රේල් 2021 20:10

    Latest News