ශ්‍රී ලංකාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීම නතර කර නැතැයි ඉන්දීය රජය කියයි

අප්‍රේ 05, 2021

    ශ්‍රී ලංකාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීම නතර කර නැතැයි ඉන්දීය රජය අවධාරණය කරයි.

    මාධ්‍ය කළ විමසුමකදී කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඉන්දියාව ශ්‍රී ලංකාවට පමණක් නොව, වෙනත් කිසිදු රටකට එන්නත් අපනයනය අත්හිටුවා නැති බවයි.

    මේ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ද ඉකුත් සිකුරාදා තහවුරු කළ බව මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශකයා සඳහන් කළේය. ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් කොවිඩ්-19 එන්නත් ලබාගන්නා රටවල් 80න් එකක්. ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසි රාජ්‍යය මෙන්ම, මිතුරා ද වන ඉන්දියාව මෙරට ජනතාවගේ පරිහරණය සඳහා ප්‍රථමයෙන් එන්නත් ලබාදුන් රට බව ද මහකොමසාරිස් කාර්යාල නි‍යෝජිතයා ප්‍රකාශ කළේය.

    මේ වනවිට ශ්‍රී ලංකාව, ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්‍ෂ 12කට අධික ප්‍රමාණයක් ලබාගෙන තිබේ. ඉන්දියාවේ සීරම් ආයතනය නිෂ්පාදනය කරන මෙම කොරෝනා එන්නත සඳහා ඉන්දියාව තුළ මෙන්ම විදේශයන්හි පවතින්නේ දැඩි ඉල්ලුමක්.

    Latest News