ගලෙන්බිදුනුවැව නගරයේ වෙළඳසැලක හදීසි ගින්නක්

අප්‍රේ 05, 2021

    අද උදැසන ගලෙන්බිඳුනුවැව නගරයේ පිහිටි පුද්ගලික ඔසුහලක ගින්නක් හටගෙන එහි දේපලවට හානී වී ඇති බව ගලෙන්බිඳුනුවැව පොලිසිය සදහන් කරයි.

    වසා තිබු ඔසුහල තුල ගින්නක් හටගෙන ඉන් දුමානය පමණක් එළියට මතුව ඇති බව දුටු ප්‍රදේශයේ ජනතාව ඒ පිළිබඳ ගලෙන්බිඳුනුවැව පොලිසිය දැනුවත් කිරිමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය වෙළෙඳ සැලේ හිමිකාරිත්වය හා ප්‍රදේශයේ ජනතාව එක්ව එම ස්ථානයට පැමිණ එහි දොර හැර ගින්න පාලනය කිරිට කටයුතු කර තිබේ.

    ගින්න පාලනය කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුනු බව ජනතාව පවසයි.

    මෙම ගින්න ඇති වූයේ , ඔසුහල තුල තිබු විදුලි උපකරණයක ඇති වූ විදුලි කාන්දුවක් මූලික කරගෙන බව මූලික විමර්ශන ආරම්භ කළ ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි .

    මේ වන විට ගින්න සහමුලින්ම නවතා ඇති අතර ගින්නෙන් හානි වූ ප්‍රමාණය තහවුරු කරගෙන නොමැත.

    සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ ගලෙන්බිදුනුවැව රථවාහන පොලිසිය මගින් සිදු කරයි.

    Latest News