අබලි ද්‍රව්‍ය එක්රැස් කරන ස්ථානයක පිපිරීමකින් පුද්ගලයෙක් මරුට

අප්‍රේ 03, 2021

    අවිස්සාවේල්ල,රත්නපුර මාර්ගයේ මාදොල ප්‍රදේශයේ පිහිටි අබලි ද්‍රව්‍ය එක්රැස් කරන ආයතනයක ඊයේ සවස සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙක් අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කෙරිණ.

    අබලි ද්‍රව්‍ය එක්රැස් කරන ස්ථානයේ ගෑස් ලාම්පුවක් ආධාරයෙන් එහි සේවකයන් පරණ යඩක කපමින් සිට ඇති අතර එකවරම විශාල පිපිරීමක් ඇතිව තිබේ.

    පිපිරීමට හේතුව නිශ්චිතවම අනාවරණය කරගෙන නොමැති අතර ගෑස් ටැංකිය පුපුරා ගියේ ද එසේ නොමැති නම් අබලි යකඩ සමඟ තිබූ යම් පුපුරන යමකින් පිපිරීම සිදුවුනේ ද යන්න පිළිබඳව අවිස්සාවේල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

    Latest News