දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීමට කිසිඳු ගැටළුවක් නෑ...චන්න ජයසුමන

මාර් 25, 2021

    කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙතෙක් එන්නත් ලබාගෙන ඇති සියලු දෙනාට දෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගැනීමේ කිසිඳු ගැටලුවක් ඇති නොවන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ,ඉන්දියාවේ පූනෛයි නගරයේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉන්දියාවෙන් පිටතට අපනයනය තාවකාලිකව නතර කිරීමේ තීරණයක් ගෙන ඇති බවයි.

    කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ දක්වා අට ලක්ෂ 56,327 දෙනෙක්ට එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත්කරණය අද සිදු කෙරෙන්නේ,56 වැනි දිනටයි. එන්නත ඊයේ ලබා දුන් පිරිසට 12,000ක පිරිසක් ඇතුළත්.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 මාර්තු 2021 12:35

    Latest News