මෙරටින් තවත් ආසාදිතයින් 253ක්

මාර් 25, 2021

    මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 253 දෙනෙක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 15 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වෙයි.

    ඉතිරි පුද්ගලයින් 238 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 53 ක් ලෙසය.

    ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 105 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

    අද (25) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 86,870 ක් වේ.

    ඉන් පුද්ගලයින් 86,230 දෙනෙක් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    Latest News