ගංවතුරින් ඔස්ට්‍රේලියාවේ දස දහසක් ජනයා අවතැන්

මාර් 23, 2021

    දශක ගණනාවකට පසු ඔස්ට්‍රේලියාවට බලපෑ දරුණුතම ගංවතුර තත්වයේ හේතුවෙන් මේ වන විට දස දහස් ගණනක් ජනතාව අවතැන් වී සිටින බව වාර්තා වෙයි.

    මින් දරුණුම බලපෑම් සිදුවී ඇත්තේ,නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයටයි.

    ඊයේ දිනය වන විට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට මීටරයක පමණ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි,වාර්තා වන්නේ. අද දිනයේ එම තත්වය තවත් බරපතල විය හැකි බව,බලධාරීන් අනතුරු අගවයි.

    මේ වන විට ප්‍රදේශ රැසකින් 20,000කට ආසන්න පිරිසක් ඉවත් කර ඇති බවයි,බලධාරීන් සඳහන් කරන්නේ.

    සහන කටයුතු සඳහා මේ වන විට හමුදාව යොදවා ඇති අතර ගංවතුරට කොටුවී සිටින සතුන් බේරා ගැනීම සඳහා ද විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක් ජනතාවට මේ වන විට කාලගුණික අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 23 මාර්තු 2021 09:55

    Latest News