කොහුවල වාහන සේවා ස්ථානයක ගින්නක්

මාර් 17, 2021

    මහා පරිමාණයේ වාහන සේවා ස්ථානයක ඊයේ රාත්‍රි 9.00 ට පමණ හදිසි ගින්නක් හට ගෙන ඇත.

    කොහුවල සුනේත්‍රා දේවි පාරේ සුපිරි වෙලදසැලක් පිටුපස පිහිටි මෙම වාහන සේවා ස්ථානය පිහිටා ඇති අතර එම ගින්නෙන් එහි දේපලවලට විශාල හානි වී ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් මෙම ගින්න මැඩපවත්වා තිබෙනවා. ගිනිගන්නා අවස්ථාවේ කාර් රථ තුනක් සේවා සඳහා එම ස්ථානයේ තිබී ඇති අතර ගිනි නිවීම් නිලධාරීන් විසින් එම රථ ඉවත් කර තිබෙනවා. ගින්න වැඩිදුරටත් පැතිර ගියේ නම් සුපිරි වෙළෙඳසල් ටද හානිවීමට ඉඩ තිබූ බව පොලිසිය පවසනවා. සේවා ස්ථානයට දැඩි අලාභ සිදු වී ඇති අතර ගින්නට හේතුව මේ වනතුරු අනාවරණය කරගෙන නොමැති බව පොලීසිය පවසනවා. එමෙන්ම අලාභ හානිය ද තක්සේරු කර නොමැති අතර වැඩිදුර විමර්ශන කොහුවල පොලීසිය මගින් සිදුකරනු ලබනවා.

    Latest News