හොර නෝට්ටු මුද්‍රණයකළ තිදෙනෙක් අත්අඩංගුවට

මාර් 16, 2021

    ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 5,000 නෝට්ටු තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් අක්කරරෙයිපත්තුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    වැටලීම සිදුකර ඇත්තේ යුද හමුදා බුද්ධි අංශය ලබාදී ඇති තොරතුරු මතයි. මෙම පිරිස රුපියල් ලක්ෂයකට රුපියල් ලක්ෂ 2ක් ලබාදීමේ ක්‍රමවේදය මත මුදල් පිටපත් කර හුවමාරු කරගෙන තිබේ.

    එහිදී පොලීසිය සහ හමුදා බුද්ධි අංශ නිලධාරීන් උපායදූතයන් යොදා ගණුදෙණුව සිදුකරමින් සිටි තිදෙනා අත්අඩංගුවට ගනු ලැබූයි. ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර තිබෙන්නේ,නින්දවූර් අට්ටපලම් ප්‍රදේශයේ කුලියට ගත් නිවසකයි.

    ව්‍යාජ මුදල් නෝට්ටු සහ මුද්‍රණ යන්ත්‍ර ද අත්අඩංගුවට ගැනිණ.

    Latest News