මාරක යතුරු පැදි අනතුරු 3කින් තිදෙනෙකු මරුට

මාර් 12, 2021

    ඊයේ සිදුව ඇති යතුරුපැදි අනතුරු 3කින් තිදෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. මෙම අනතුරු හොරොව්පොතාන, වීරඟුල සහ ආණමඩුව ප්‍රදේශවල සිදුව ඇත.

    ඊයේ උදෑසන හොරොව්පොතාන, කපුගොල්ලෑව මාර්ගයේ දී පුද්ගලික බස් රථයක් සහ ප්‍රථිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී, යතුරුපැදිකරු රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇත. එයින් මිය ගියේ වයස අවුරුදු 16ක් වූ මොරගොමූකලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    වීරඟුල ප්‍රදේශයේ දික්කන්ද හංදියේ දී වේගය පාලනය කර ගත නොහැක වූ යතුරුපැදියක් ටිපර් රථයක වැදී අනතුරුක් සිදුව තිබේ. වයස අවුරුදු 28ක් වූ යතුරු පැදිකරු වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇත.

    ඊයේ රාත්‍රී යතුරු පැදියක් පාරේ ගමන් කරමින් සිටි පදිකයෙකු හා ගැටී එම පදිකයා මරණයට පත්ව ඇත්තේ ආණමඩුව ප්‍රදේශයේ දීය. ඔහු වයස අවුරුදු 37ක් වූ ආණමඩුව ප්‍රදේශයේ පදංචිකරුවෙකි.

    Last modified on සිකුරාදා, 12 මාර්තු 2021 17:52

    Latest News