ප්‍රදේශ කිහිපයකට සවස 1.00න් පසු තද වැසි

මාර් 09, 2021

    මධ්‍යම, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනූව ඇතැම් ස්ථානවලට මි.මී 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති වේ.

    මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකිය

    Latest News