"කළු ඉරිදා" දේවස්ථානවල නිහඬ විරෝධතාවක්

මාර් 07, 2021

    පාස්කු ඉරුදින ප්‍රහාර‍යෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස් වෙනුවෙන් සාධාරණය ඉල්ලා, නිහඬ විරෝධතාවක් දිවයින පුරා කතෝලික දේවස්ථානවල අද පැවැත්විණ.

    එය නම් කර තිබුණේ, "කළු ඉරිදා" ලෙසයි. කොළඹ කොච්චිකඩේ, කටුවාපිටිය ඇතුළු කතෝලික දේවස්ථානවල කළු බැනර් ප්‍රදර්ශනය කරමින් මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන්, විශේෂ යාඥා අද සංවිධාන කෙරිණ. ඊට සහබාගි වූ බැතිමතුන්, කළු ඇඳුමින් සැරසී සිටීම විශේෂත්වයක්.

    දේව මෙහෙයෙන් අනතුරුව, දේවස්ථාන ඉදිරිපිට නිහඬ විරෝධතාවක් ද පැවැත්විණ. කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ පැවති විරෝධතාවට අගරදගුරු අතිඋතුම් කාදිනල් රංජිත් හිමිපාණන්ද එක්ව සිටියහ.

    කාදිනල් හිමිපාණන් මෙහිදී කියා සිටියේ, ප්‍රහාරයට වගකිව යුතු අයට නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි. තුවාල ලැබූ හා මරණයට පත්වූවන්ට සාධාරණය ඉෂ්ඨ විය යුතු බව උන්වහන්සේ සඳහන් කළේය.

    Latest News