ලංකාගම-පිටදෙණිය මාර්ගය දින 90කින් ඉදිකිරීමට යුද හමුදාව සමත්වෙයි

මාර් 06, 2021

    නෙළුව, ලංකාගම පිටදෙණිය මාර්ගය දින 90ක් වැනි කෙටි කාලයකින් ඉදිකිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවට හැකි වී තිබේ.

    මාර්ගයේ දුර කිලෝ මීටර් 18ක්. වසර 40ක් පමණ හුදෙකලාව පැවති ලංකාගම කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ ප්‍රදේශයක්. 1984 දී ගංගා, නිම්න සංවර්ධන මණ්ඩලය මගින් ග්‍රාමීය මාර්ගයක් ලෙස නෙළුව, ලංකාගම මාර්ගය ඉදිකිරීමෙන් පසු කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක්වුණේ නැහැ.

    "සෞභාග්‍යයේ දැක්ම" චින්තනය යථාර්ථයක් බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ලංකාගම මාර්ගය සංවර්ධනයට තීරණය කළේය. එහිදී කිසිදු පරිසර හානියක් සිදු නොවන ලෙස ඉදිකිරීම් සිදුකරන ලෙස එතුමා උපදෙස් දුන්නේය. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව ඉදිකිරීම් සිදු කළේය.

    කිසිදු මාර්ග පහසුකම් නොතිබුණු ලංකාගම වැසියන් මෙතෙක් අත්විඳි දුෂ්කරතා රැසකට මෙමගින් විසඳුම් හිමිව තිබේ. රෝගීන් ගර්භනී කාන්තාවන් මුහුණ පෑ ගැටලු අද නොමැත. ගමේ නිෂ්පාදනවලට හොඳ මිලක් ලබාගැනීමට ද හැකිවී තිබේ.

    සංචාරක ව්‍යාපාරය තුලින් ද ගමේ ජනතාවගේ ආර්ථිකය සරුවේ. පාසල් දරුවන් විඳි මාර්ග දුෂ්කරතා පහව ගොසින්. ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ දෙනියායේ සිට ලංකාගම දක්වා මාර්ගයේ ඉදිකිරීම් මේ වනවිට සිදු කෙරේ.

    Latest News