ඇල්ල සංචාරක නගරය සංවර්ධනය කෙරේ

මාර් 06, 2021

    ඇල්ල සංචාරක නගරය, සංවර්ධනය කිරීම ඊයේ ආරම්භ කෙරිණ. සංචාරක කලාප සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි.

    මේ යටතේ ප්‍රථමයෙන් හික්කඩුව,කල්පිටිය,ආරුගම්බේ,ඇල්ල සහ නුවරඑළිය යන නගර තෝරාගෙන ඇතැයි, ලංකා සංචාරක මණ්ඩලය පවසයි. මේ යටතේ, යටිතල පහසුකම් සංවර්ධනය අවිධිමත් ඉදිකිරීම් ඉවත් කිරීම, සංචාරක ආකර්ශනය වැඩි කිරීම යනාදිය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණ.

    බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙණිපිටිය මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය. ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ ඇල්ල නගරයේදී.

    Latest News