පාස්කු ප්‍රහාරය විකුණා තමන් බලයට පත් නොවූ බව ජනපති පවසයි

මාර් 06, 2021

    ගම සමග පිළිසඳර 13 වැනි වැඩසටහන කුරුණෑගල ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වේරගල ග්‍රාම නිලධාරී වසමේ මාදුරුවාගම ක්‍රීඩාංගණයේ දී දැන් පැවැත්වෙයි.

    ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙතෙක් විසඳුම් නොලැබුණු ග්‍රාමීය ජනතාවගේ ගැටලු සඳහා තිරසර විසඳුම් ලබාම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

    ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා ඇත්තේ, අනුරාධපුරය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට සහ ගල්ගමුව ප්‍රදේශයට මායිම්වයි. එහි ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 35ක්. වේරගල ගම්මානය වැඩිම දරිද්‍රතාවක් සහිත සහ දුෂ්කරම ගම්මානයක් ලෙසයි, සැලකෙන්නේ.

    එහි ජීවත් වන පවුල් සංඛ්‍යාව 147ක්. 533 දෙනෙක් එහි පදිංචිව සිටියි. වේරගල සහ අවට ගම්මානවල ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තයයි. ඊට අමතරව, සත්ව පාලනය, වඩු හා ගඩොල් කර්මාන්තය වැනි ස්වයං රැකියාවල ද නිරත වෙයි. පානීය ජලය සහ වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය නොමැති වීම මෙම ප්‍රදේශයේ ජනතාව මුහුණපාන ප්‍රධාන ගැටලුවක්.

    වනඅලි උවදුර, මාර්ග හා ප්‍රවාහන දුෂ්කරතා, වැව් අමුණු කැඩී බිඳී යාම, පාරම්පරික වගා ඉඩම් නිරවුල් නොවීම සහ යටිතල පහසුකම් ඌනතාව ජනතාව මුහුණපා සිටින ප්‍රධාන ගැටලු වෙයි.

    මාදුරුවාගම ගම්මානය වෙත පැමිණි ජනාධිපතිතුමාට එහි ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්. පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී අදහස් දැක්වීය.

    Last modified on සෙනසුරාදා, 06 මාර්තු 2021 16:31

    Latest News