ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10කට කොරෝනා

මාර් 06, 2021

    ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10 දෙනෙක්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

    එම අසාදිතයින් මේ වන විට නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බව අඹගමුව සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙක් පවසයි.

    එම අසාදිතයින් හමුවිමත් සමග ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ තවත් සේවකයින් 140 දෙනෙක් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර එම සේවකයින් ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ සේවක නිල නිවාස වලම ස්වයන් නිරෝධායනයට යොමු කල බව ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ නිලධාරියා පවසයි.

    Latest News