රාවණාඇල්ල රක්ෂිතයේ ගින්න තවදුරටත්

මාර් 06, 2021

    රාවණා ඇල්ල රක්ෂිතයේ හට ගත් ගින්නෙන් අක්කර සියකට වඩා සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබේ. ඊයේ (5) පස්වරුවේ සිට මෙම ගින්න හටගැනිණ.

    රක්ෂිතයේ ගින්න පාලනය කිරීම මේ වන විට දැඩි අසීරු කටයුත්තක් බව බදුල්ල දිස්ත්‍රික් ආපදාකළමනාකරන ඒකකය සදහන් කරයි.

    බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උදය කුමාර මහතා සදහන් කළේ මේ වන විට ගින්න මැඩපැවැත්වීම සදහා යුද හමුදාව, පොලිසිය ,වනජීවි නිලධාරීන්, වනසංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් යොදවා ඇති බවයි.

    ගින්න අද (6) උදෑසන වන විටත් රක්ෂිතයේ වේගයෙන් පැතිර යමින් පවතින අතර මෙම රක්ෂිතය ශ්‍රී ලංකාවට ආවේණික වනසතුන්,පක්ෂීන් සහ සමනලුන් රැසක්ම ජීවිත් වන සංවේදී පරිසර පද්දතියකි.

    Last modified on සෙනසුරාදා, 06 මාර්තු 2021 08:22

    Latest News