“කොවැක්ස්“ පළමු වරට එන්නත් කිරීම ලබන සතියේ.... (වීඩියෝ)

මාර් 05, 2021
  • වැඩිහිටි ජනගහනය සඳහා ප්‍රමුඛතාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, යුනිසෙෆ් ආයතනය මගින් මිලදී ගනු ලබන “කොවැක්ස්“ එන්නත් මාත්‍රා දෙලක්‍ෂ 64,000ක් පළමු වරට එන්නත් කිරීම ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි.

    එම එන්නත් තොගය ලබන ඉරිදා මෙරටට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ. එම එන්නත් ලබාදෙන්නේ අවදානම් ප්‍රදේශවල ජීවන්වන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහායි.

    සෞඛ්‍ය අමාත්‍යාංශය සහ “කොවැක්ස්“ පහසුකම අතර ඇති කරගත් ගිවිසුමේ කොටසක් ලෙස හා නිෂ්පාදකයන්ගෙන් ලැබෙන පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුවෙන් බලය පැවරෙන පරිදි එන්නත් මාත්‍රා මිලියන 1.44ක් යුනිසෙෆ් ආයතනය විසින් ලබන මැයි මාසය දක්වා අදියරෙන් අදියර සම්පාදනය කිරීමට නියමිතයි.

    එන්නත් දෙලක්‍ෂ 64,000ක් පළමු වරට යුනිසෙෆ් මගින් එමිරේට්ස් ස්කයි කාගෝ ඔස්සේ, ලබාදේ. මෙම එන්නත් තොගයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික විහිදුම් හා එන්නත්කරණ සැලැස්ම ශක්තිමත් කෙරෙන අතර, ඉදිරි කාල සීමාව තුළ ජනගහනයෙන් 20%කට එන්නත්කරණ සහය සම්පාදනය කෙරෙනු ඇත.

    Last modified on සිකුරාදා, 05 මාර්තු 2021 22:35

    Latest News