රටේ සියලුම දෙනාට යහපත් හෙටක් උදාකිරීමේ රජයේ පරමාර්ථයයි; අමාත්‍ය කෙහෙළිය

මාර් 05, 2021

    රටේ සියලුම දෙනාට යහපත් හෙටක් උදාකිරීමේ රජයේ පරමාර්ථය ඉටුකර ගැනීමට මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් එකට එකමුතුව සංවර්ධන ක්‍රියාවලිය පවත්වාගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.

    මහනුවර ගලගෙදර අද පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. ගලගෙදර, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පැවැත්වුණේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ ගලගෙදර ආසන්නයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් සඳහා අනුමැතිය ලබාගැනීම සම්බන්ධව මෙහිදී සාකච්ජා කෙරිණ.

    එම ආසනයේ ඉඩම් හිමිකම් නොමැති පවුල් 25කට ඉඩම් හිමිකම් ඔප්පු පිරිනැමීම හා සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල දරු දැරියන් 20කට සිප්දොර ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණේ ද අමාත්‍යවරයා අතින්.

    ජනතා නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News