ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 384

මාර් 05, 2021

    අද (05) උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 384 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 33 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 351 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 78 ක් ලෙසය. ඊට අමතරව, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 174 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.

    ඒ අනුව අද උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 80,950 ක් වේ. ඉන් පුද්ගලයින් 79,406 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර - 77,841

    එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 84,609 ක් වන අතර ඉන් පුද්ගලයින් 80,836 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. තවද රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 3,284 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    පසුගිය පැය 24 තුළ රෝහල්ගතව සහ අතරමැදි ප්රවතිකාර මධ්යරස්ථාන තුළින් පුද්ගලයින් 399 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    මේ වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 98 ක් තුළ පුද්ගලයින් 10,312 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (04) දිනය තුල PCR පරික්ෂයණ 12,883 ක් සිදුකර ඇත.

    Latest News