සරසවිවලට අමතරව ගත් සිසුන් සඳහා පහසුකම් වැඩිදියුණු කිරීමට උපදෙස් (වීඩියෝ)

මාර් 03, 2021
  • සරසවිවලට අමතරව බඳවා ගනු ලැබූ සිසුන්ට සාපේක්ෂව විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබා දෙන ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

    විශ්වවිද්‍යාල සඳහා මෙවර අමතරව ඇතුළත් කර ගත් සිසුන් සංඛ්‍යාව 10,588ක්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උපකුලපතිවරුන් සමග අමාත්‍යවරයා ඊයේ අරලියගහ මන්දිරයේ දී මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවත්විණ.

    මේ වසරේ දී විශ්වවිද්‍යාල සඳහා දරුවන් 41000ක් බඳවාගෙන ඇතැයි පෙන්වා දුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, 10588ක් තරම් සිසුන් සංඛ්‍යවක් මෙවර විශ්වවිද්‍යල සඳහා වැඩිපුර බඳවා ගෙන ඇත්තේ නිදහසෙන් පසු පළමු වතාවට බව අනාවරණය කළේය.

    ඒ අනුව වෛද්‍ය පීඨවලට පමණක් සිසුන් 479ක් බඳවා ගෙන ඇති බව කී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එය අලුතින් වෛද්‍ය පීඨ 4ක් පටන් ගත්තා හා සමානයැයි කීවේය.

    එහෙත් මේ සියල්ල කළමනාකරණය කිරීමට හැකිවූයේ සියලු විශ්වවිද්‍යවල උපකුලපතිවරුන්ගෙන් ඊට ලැබුණු සහය නිසා බව කී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා රුපියල් බිලියන 5ක පමණ අමතර මුදලක් විශ්වවිද්‍යල පද්ධතියේ භෞතික හා මානව සම්පත් කළමනාකරණයට අවශ්‍ය වී ඇතැයි පෙන්වා දුන්නේය.

    විශ්වවිද්‍යල දරුවන්ගේ අධ්‍යපනය වෙනුවෙන් දැනට ලබාදෙන මුදල් ප්‍රතිපාදනවලට අමතරව මෙම අතිරේක මුදල් පියවරෙන් පියවර අදියර කිහිපයකින් විශ්වවිද්‍යල පද්ධතියට මුදාහරින්නැයි උපදෙස් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඒ සම්බන්ධ ක්‍රමවේදය මහා භාණ්ඩාගාරය සහ විශ්වවිද්‍යල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව සාකච්ඡා මාර්ගයෙන් තීන්දු කරගන්නැයි දන්වා සිටියේය.

    කොවිඩ්-19 වසංගතය හමුවේ විශ්වවිද්‍යල පද්ධතියේ දේශන අඛන්ඩව පවත්වාගෙන යාමට ආචාර්ය මණ්ඩලයේ මෙන්ම සිසුන්ගේ නොමඳ සහයක් ලැබෙන බව කී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, විශ්වවිද්‍ය වසා දමනවා යැයි සංකල්පයක් නැවත නොඑන බවට විශ්වාසය පළ කළේය.

    මේ අතර අධ්‍යපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඉසෙඩ් අගයමත විශ්වවිද්‍යල ප්‍රවේශය ලබා ගැනීමට නොහැකි වූ විශිෂ්ටම සාමාර්ථ ලබාගත් දරුවන් වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්ම කළ යුතු බව පෙන්වා දුන්නේය.

    ඊට විසඳුමක් ලෙස රජය ප්‍රතිපාදන ලබා දෙන්නේනම් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යලයට එම දරුවන් බඳවා ගැනීමේ හැකියාව ඇතැයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යලයේ උප කුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා පෙන්වා දුන්නේය.

    ඒ අනුව ඊට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට උපදෙස් දුන්නේය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරීස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කේ. කපිල සී. කේ පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස් ඩී ජුඩ් නිලුක්ෂාන්, අග්‍රාම්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, විශ්වවිද්‍යල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් මහාචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහත්වරු සහ සියලුම විශ්වවිද්‍යලවල උපකුලපතිවරු මෙම හමුවට එක්ව සිටියහ.

    Last modified on බදාදා, 03 මාර්තු 2021 19:47

    Latest News