ඇවන්ගාඩ් නඩුවේ දේශන ඉදිරිපත් කිරීමට දින නියම වෙයි

මාර් 03, 2021

    ගාලු වරාය ආසන්න මුහුදු තීරයෙහි පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ දෙපාර්ශවයේ දේශන සටහන් කර ගැනීම අප්‍රේල් මස 23 වන දා සිදු කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

    මෙම නඩුව අද ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ එම්. ඩබ්ලිව්. ඒ.කේ. වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී නඩුවට අදාළ විත්තියේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කෙරුණා.

    ඉන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් පැමිණිලි හා විත්ති පාර්ශවයේ නීතිඥ වරුන්ට නියම කළේ දෙපාර්ශවය විසින් දේශන ඉදිරිපත් කිරීම අප්‍රේල් මස 23 වනදා සිදුකරන ලෙසයි.

    2012 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203395 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම චෝදනා 19 ඉදිරිපත් කර තිබේ.

    Latest News