අගමැතිතුමා ඉදිරියේ රොෂාන් රණසිංහ මහතා රාජ්‍ය අමාත්‍යධූරයේ වැඩ භාරගනියි.

මාර් 02, 2021

    පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපිට දී අද (02) පෙරවරුවේ වැඩ භාර ගත්තේය.

    කොළඹ පිහිටි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ දී මෙම වැඩ භාර ගැනීමේ උත්සවය පැවැත්විණි. මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය අමාත්‍යාංශයේ වගකීම් සඳහා මුලපිරුවේය.

    මෙම අවස්ථාවට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ඩී.ඒ.බී බොරලැස්ස මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ පවුලේ සාමාජිකයෝ එක්ව සිටියහ.

    Latest News