මුතුපන්තිය වෙරළ ඛාදනය නිසා නිවාස රැසකට හානි

මාර් 02, 2021

    හලාවත, මුතුපන්තිය වෙරළ තීරයේ ඛාදනය හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව තිබේ.

    පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ගිහාන් දිසානායක මහතා පවසන්නේ, ගම්මානයේ පවුල් 10ක් අවතැන් වී ඇති බවයි.

    ඊයේ පෙරවරුවේ සිට මුහුද රළු වී ජලය ගොඩට ගලා ඒමට පටන් ගෙන ඇති අතර සවස් කාලයේදී තත්වය වැඩි වී තිබේ. වෙරළ ඛාදනය වැළැක්වීමට යොදා තිබූ ගල් වැටි හා වැලි කඳු විශාල වී ඇති බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    ධීවරයන්ගේ ආම්පන්න රැසක් මුහුදට ගසා ගෙන ගොස් තිබේ. අවතැන් පවුල් ආරක්ෂිත ස්ථාන වෙත යැවීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ට සහන සැලසීමට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.

    Last modified on අඟහරුවාදා, 02 මාර්තු 2021 10:57

    Latest News