ගතවූ පැය 24ට වැඩිම ආසාදිතයින් කොළඹින්

මාර් 02, 2021

    ගතවූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 310ක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 7 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වෙයි.

    ඉතිරි පුද්ගලයින් 303 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙසයි වාර්තා වන්නේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ඒ ආසාදිතයින් 60ක් ලෙසයි.

    ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34ක් ලෙස වාර්තා වෙයි. අනෙක් ආසාදිතයින් 169 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වෙයි.

    අද වන විට මෙරටින් කොවිඩ් - 19 ආසාදිත වූ සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 83,551ක් වන අතර ඉන් පුද්ගලයින් 79,421ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ. අද උදෑසන වන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 3,654 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    Latest News