ගාලු කොටුවට ඇතුළුවීමේ ප්‍රධාන දොර අ (01) සිට මාසයක් වැසේ

මාර් 01, 2021

    ගාල්ල කොටුවට ඇතුළු වන ක්‍රිකට් ක්‍රිඩාංගනය ඉදිරිපිට පිහිටි ප්‍රධාන කොටු දොරටුව ‍අද (01) සිට මාසයක කාලයක් වසා දමන බව ගාල්ල මහ නගර සභාව පවසනවා.

    ගාල්ල කොටුවේ ක්‍රියාත්මකවන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ඉදිරිපස බැම්මේ මැදින් කොටුවට ඇතුළුවීම සඳහා සකසා ඇති ආරුක්කව සංරක්ෂණය කිරීමට කටයුතු කිරිම සදහා මෙම තීරණය ගත් බවයි ගාල්ල මහ නගර සභාව පැවසුවේ.

    අද සිට සංරක්ෂණ කටයුතු ආරම්භ වන අතර ආරුක්කුවේ පහළින් මුක්කු ගසා ඉහළ ඇති පස් තට්ටුව ඉවත් කර ආරුක්කුවේ ඉහලට සංරක්ෂණ බදාම ස්ථරයක් යොදා යළි වසා දැමීමට නියමිතයි.

    මෙම දොරටුව ඉදිකිරීමෙන් පසු මෙතෙක් එවැනි සංරක්ෂණයක් සිදුකර නොමැති බවත් එම මාසයක කාලයේ දී කොටුවට ඇතුළුවීම හා පිටවීම සඳහා භාවිතා කළ හැකිවන්නේ බාලදක්ෂ මාවතෙන් ඇතුළුවිය හැකි පැරණි කොටු දොරටුව පමණක් බව ගාල්ල මහ නගර සභාව වැඩිදුරටත් සඳහන් කර සිටී.

    Latest News