ඊයේ (28) PCR පරීක්ෂණ 10,421 ක්

මාර් 01, 2021

    අද (මාර්තු 01) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 352 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 83,241 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

    ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සිටින අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 112 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 57 ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 50 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 131 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (මාර්තු 01) දින ප්‍රකාශ කරන ලදි.

    මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 79,594 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 77,553 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල් වලින් පිටව ගොස් ඇත.

    ඊයේ (පෙබරවාරි 28) දින තවත් PCR පරීක්ෂණ 10,421 ක් සිදුකර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

    ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 574 කි.

    මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 78,946 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    කොරෝනා ආසාදිත රෝගීන් 3,824 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 93 ක් යටතේ පුද්ගලයින් 9,762 ක් නිරෝධායනය කරනු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

    පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 7 ක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ් - 19 මරණ සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News