වේවැල් පහරින් මිය ගිය දැරියගේ මව හා ශාන්තිකර්මය කළ කාන්තාව බන්ධනාගාරගත කිරිමට නියෝග

මාර් 01, 2021

    ශාන්තිකර්මයක් අතරතුර දී දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේ දැරියක් මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් එම දැරියගේ මව සහ ශාන්තිකර්මය සිදුකළ කාන්තාව මාර්තු 12 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරිමට නියෝග කරනු ලැබිය.

    ඒ අද (01) දිනයේ අදාල කාන්තාව සහ ජිවිතක්ෂයට පත් දැරියගේ මව මහර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

    අදාළ දැරියගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද දිනයේ දී රාගම රෝහලේ දී පැවැත්වීමට නියමිත අතර දැරියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 6ක් පමණ පොලීසිය විසින් ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    අමනුෂ්‍ය දෝෂයක් පළවා හැරීමට යැයි පවසමින් ශාන්තිකර්මයක් සිදුකළ කාන්තාවක් එල්ල කළ වේවැල් පහර හේතුවෙන් දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 9 හැවිරිදි දැරියක් මීට දින දෙකකට ඉහතදී මරණයට පත්වීය.

    පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Latest News