විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්

මාර් 01, 2021

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලෙබනනයේ සිට නැවත මව්බිමට රැගෙන යාම සඳහා කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව මුදල් ජාවාරමක නිරතවන බවට තම තානාපති කාර්යාලයට පැමිණිලි ලැබෙන බව ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

    මේ අන්දමින් මුදල් එකතු කරනු ලබනුයේ තානාපති කාර්යාලය ද එය රජයේ අනුදැනුම මතද යන්න මෙම ජාවාරමට හසුවු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිරන්තරව තානාපති කාර්යාලයෙන් විමසා ඇති බව වාර්තා වේ.

    මේ සම්බන්ධව ශ්‍රී ලාංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත මව්බිමට රැගෙන යාම සඳහා මුදල් එකතු කිරිමට කිසිම පුද්ගලයකුට හෝ සංවිධානයකට බලය හෝ අවසර ලබා දි නොමැති බවය.

    එබැවින් මෙවැනි ජාවාරම්කරුවන්ට මුදල් ලබාදිමෙන් වැළකෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.

    මේ අතර ලෙබනනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා සඳහා ගොඩබැස්සවීමේ අවසරය අවශ්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ගුවන් සමාගම් වෙත දැනුම්දී තිබියදී, ඇතැම් ගුවන් ටිකට්පත් නියෝජිතයින් විසින් මගින්ට ගුවන් ටිකට්පත් අලෙවිකරණ බවටද තානාපති කාර්යාලය නිවේදනය කරයි.

    බීරූට් ගුවන්තොටුපොළ මගින්ට සීමා කර ඇති අතර, ගුවන් යානා අසුන් ගැනීම් පත්‍ර (Boarding Pass) නිකුත් කරනු නොලැබේ.

    Latest News