කොවිඩ් ආසාදිත සිසුන් 38ක් O/L විභාගයට ලියයි

මාර් 01, 2021

    කොවිඩ් ආසාදිත සිසුන් 38 දෙනෙක් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

    රෝගී තත්ත්වයට පත්වන දරුවන් සඳහා විශේෂ වැඩපිළිවෙලක් මෙන්ම විශේෂ විභාග මධ්‍යස්ථාන 40ක් ස්ථාපිත කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

    මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 423,746ක් ද, පෞද්ගලික අයදුම්කරුවන් 198,606ක් ද වශයෙන් මුළු අයදුම්කරුවන් 622,352ක් පෙනී සිටියි.

    Latest News