ඊට අමතරව බොරලැස්ගමුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 7 දෙනෙකු, දෙහිවල ප්‍රදේශයෙන් ආසාදිතයින් 6 දෙනෙකු සහ කොස්ගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වූ බවයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.
එම ආසාදිතයින් සංඛ්‍යාවත් සමග ඊයේ දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 112 ක්.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 57 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50 දෙනෙකු, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25 දෙනෙකු ඊයේ දිනයේ වාර්තාවී තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 24 ක්.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 18 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 16 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වූ බවයි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.
එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මේ වනවිට මෙරට පුද්ගලයින් හාර ලක්ෂ 66,000 කට වැඩි පිරිසකට කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇති බවයි.