පිරිසුදුකාරක ආනයනයට හා අලෙවියට නියාමනයක්

මාර් 01, 2021

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිවීමෙන් තොරව අත් පිරිසුදුකාරක (Hand Sanitizers) ආනයනය කිරීම හෝ අලෙවි කිරීම අප්‍රේල් පළමු වැනිදා සිට සපුරා තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

    මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ පසුගිය මස 25 වැනිදාය.

    ඒ අනුව අත් පිරිසුදුකාරක ආනයනයකරුවන්, නිෂ්පාදකයන්, බෙදා හරින්නන් සහ වෙළෙඳුන් විසින් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අංකය ඇසුරුම්වල හා බහාලුම්වල පැහැදිලිව පෙනෙන පරිදි සඳහන් කළ යුතු වෙයි.

    Last modified on සදුදා, 01 මාර්තු 2021 18:47

    Latest News