හෙක්ටයාර් හාරදහසක රබර් නැවත වගා කිරීම ඇරඹේ

මාර් 01, 2021

    මේ වසරේ හෙක්ටයාර් හාරදහසක පමණ රබර් නැවත වගා කිරීමට රජය අපේක්ෂා කරයි.

    රබර් වගාවට දෙන ආධාර අතර මෙවර පොහොර සහනාධාරයත් ඇතුළත් කර ඇත.

    ඒ අනුව, සම්ප්‍රදායික රබර් වගා කරන දිස්ත්‍රික්ක වලට අමතරව අලුතින් හදුනාගත් ප්‍රදේශවලද රබර් වගාව ව්‍යාප්ත කරන බව, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

    ඒ යටතේ මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්ක සඳහා ද රබර් වගාව හදුන්වාදීමට කටයුතු කරන බව හේරත් මහතා වැඩිදුරටත් සදහන් කලේය.

    Latest News