යොවුන් පාර්ලිමේන්තුව අද ඇරඹෙයි

මාර් 01, 2021

    පස්වන යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරිණි.

    දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි තරුණ මන්ත්‍රීවරුන් 331 දෙනකු සහ විශ්ව විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වලින් මන්ත්‍රීවරුන් 29 දෙනෙකු මෙවර යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

    මෙවර යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ දිවුරුම්දීම සහ යොවුන් පාර්ලිමේන්තුවේ නව කථානායකවරයකු පත්කරගැනීම සිදුකෙරෙන අතර හෙට (2) දිනයේ ද යොවුන් පාර්ලිමේන්තු සැසිය පැවැත්වේ.

    මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    Latest News