රෝහල් සේවය අඛණ්ඩව පවත්වාගැනීම සඳහා නාවික හමුදා සහාය

මාර් 01, 2021

    රෝහල් කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් මෑතකදී සිදුකරන ලද වැඩ වර්ජනය හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා නාවික හමුදා වෛද්‍ය අංශයේ සාමාජිකයන් ඇතුළු භටපිරිස් රෝහල් කිහිපයක් වෙත යොමු කර තිබේ.

    රජයේ රෝහල්වල සේවය අඛණ්ඩව පවත්වා ගනිමින් මහජනතාවට සේවය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවනු ලැබීය.

    ඒ අනුව, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත නාවික හමුදාව විසින් වැලිසර ළය රෝහල, මහව රෝහල, මීගමුව රෝහල, මහමෝදර රෝහල, උඩුගම රෝහල, ඇල්පිටිය රෝහල, බලපිටිය රෝහල, දෙඹරවැව රෝහල සහ තංගල්ල රෝහල යන රෝහල් වෙත වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු නාවික භටයින් 89 දෙනෙකු අනුයුක්ත කර තිබේ.

    Latest News