යාපනයේ බන්ධනාගාරයේ රැදවියන් 51ට කොරෝනා

පෙබ 28, 2021

    යාපනය බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් 51 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

    ඊයේ දිනයේ රැදවියන් 150 දෙනෙකුගෙන් සිදුකළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව මෙම ආසාදිතයින් හඳුනාගත් බවයි,බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ.

    මේ අතර මේ වන විට බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,932 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඉන් 4,670 දෙනෙක් සුවය ලබා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසයි.

    Latest News