ලග්ගල හා විල්ගමුව සාර්ථක කුරක්කන් අස්වැන්නක්

පෙබ 28, 2021

    මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල සහ විල්ගමුව ප්‍රදේශවල සාර්ථක කුරක්කන් අස්වැන්නක් ලැබෙමින් පවතින බව අප වාර්තාකරු පවසයි. මේ දිනවල වගාවේ අස්වනු නෙලීම සිදු කෙරේ. ලග්ගල සහ විල්ගමුව ප්‍රදේශවල කුරක්කන්,බඩඉරිගු ආදී හේන් වගා සාර්ථකව සිදු කෙරේ.

    කුරක්කන් සඳහා වෙළෙදපොළේ පවතින ඉහළ මිලත්,ඉල්ලුමත් නිසා මෙවර වැඩි වශයෙන් වගාකිරීමට ගොවීන් පෙළඹී තිබේ. මේ දිනවල අස්වනු නෙලීම සිදු කරන අතර ඒ සමග කුරක්කන් මිල පහළ ගොස් ඇති බවයි ගොවීන් පවසන්නේ.

    අස්වනු නෙලීමට පෙර රුපියල් 500ත් 550ත් අතර මිලකට කුරක්කන් අලෙවි වූ අතර මේ වන විට එය රුපියල් 300ක මට්ටමකට පත්ව ඇතැයි, ඔවුන් පවසයි. ගොවීන් රජයෙන් ඉල්ලා සිටින්නේ, තම අස්වනු සඳහා සාධාරන මිලක් ලබා දීමට මැදිහත් වන ලෙසයි.

    Latest News