නීතීඥ සංගමයේ නිලවරණය අද

පෙබ 24, 2021

    2021 - 2022 වර්ෂය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණය අද පැවැත්වීමට නියමිතයි.

    එහි ඡන්ද විමසීමේ කටයුතු අද පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ලියාපදිංචි නීතිඥවරුන් 17,000 දෙනෙකු පමණ ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.

    නීතීඥ සංගමයේ සභාපති ධූරයට මෙවර තරග වදින්නේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යන අයයි.

    දිවයින පුරා පිහිටි නීතිඥ සංගම් මධ්‍යස්ථාන 85කදී නිලවරණය පැවැත්වීමටයි කටයුතු සූදානම් කර තිබේ.

    Latest News