පෞද්ගලික අංශය සමග තරගකාරීව වී මිලදී ගැනීමට රජය සූදානම්

පෙබ 24, 2021

    පෞද්ගලික අංශය සමග තරගකාරීව වී මිලදී ගැනීමේ මෙහෙයුම අරඹන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.

    ගොවි ජනතාවට උපරිම සාධාරණය ඉටුවන පරිදි පෞද්ගලික අංශය සමග තරගකාරී ලෙස වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්ව සිටියි.

    ඒ අනූව, තෙත වී කිලෝවක් රුපියල් 46 කට / වියලි නාඩු 52 කට සහ වියළි සම්බා 54 කට මිලදී ගැනීමට 22 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.

    මේ අතර ඊයේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද අදහස් පල කෙරිණ.

    Latest News