පාකිස්තානය සහ ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 5ට අත්සන් තබයි

පෙබ 24, 2021

    පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරයට සමඟාමීව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකට ඊයේ (23) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අත්සන් තැබිණි.

    පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ දෙරටේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    අප රට සහ පාකිස්තානය අතර අත්සන් කළ ද්විපාර්ශවික ගිවිසුම් පහතින්

    1. සංචාරක සහයෝගීතාව පිළිබඳව පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම.
    2. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ පාකිස්තාන ආයෝජන මණ්ඩලය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.
    3. ශ්‍රී ලංකා කාර්මික තාක්‍ෂණ ආයතනය (ITI) සහ පාකිස්තාන කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
    4. කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද් හි කොම්සැට්ස් (COMSATS) විශ්වවිද්‍යාලය අතර සහයෝගීතාව.
    5. කොළඹ විශ්වවිද්‍යාලය සහ පාකිස්තානයේ ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
    Last modified on බදාදා, 24 පෙබරවාරි 2021 12:50

    Latest News