වී මිළදී ගැනීම පිළිබඳ නවතම නිවේදනය

පෙබ 23, 2021

    වී කිලෝවක් සඳහා රජය නියම කළ රුපියල් 50 සහතික මිලට වඩා ඉහළ මිලක් පෞද්ගලික අංශය ලබා දෙන්නේ නම් රජයත් එයට සමාන්තර තරගකාරී මිලක් ලබා දෙන්නට සූදානම් බව ජනමාධ්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.

    මෙසේ ඉහළ සහතික මිලක් ගොවීන්ට ලබා දුන්නද පාරිභෝගිකයන්ව අපහසුතාවයට පත් කිරීමට වෙළෙන්දන්ට රජය ඉඩ නොතබන බවද පාරිභෝගිකයාට රුපියල් 98 කට සහල් කිලෝවක් ලබා දෙන්නට රජය සූදානම් බවද ඇමැතිවරයා අවධාරණය කරයි.

    අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

    Latest News