සාර්ධර්ම වලින් පිරිපුන් අධ්‍යාපනයක් අද රටට අවශ්‍යයි – මහාචාර්ය ජී. එල්. පීරිස්

පෙබ 23, 2021

    සාරධර්ම වලින් පිරිපුන් පුරවැසියකු අධ්‍යාපනය තුළින් බිහිවිය යුතු බවත් ඒ සඳහා අපේ අධ්‍යාපන ක්‍රමය තුළ පවතින හිස්තැන් පිරවීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බැව පැවසූයේ මීගමුව BCI අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයක් අමතමිනි.

    එහිදී වැඩදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    අද රට තුළ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදු වෙනවා.

    අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මේ සඳහා සුවිශේෂී කැපකිරීමක්
    කරමින් නීත්‍යනුකූල ව ඔවුන්ට දඬුවම් ලබාදීම ආදී කටයුතු සිදු කරනවා.

    නමුත් අධ්‍යාපනය තුළ ඊට කිසියම් හෝ හිස්තැනක් නොතිබිය යුතුයි.

    මනස නිරවුල්ව තමන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාමට හැකි වටපිටාවක් අපි නිර්මාණය කරනවා.

    අධ්‍යාපන විෂය මාලා යාවත්කාලීන කිරීම්, නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම් ආදී මේ සියල්ල අතර මත්ද්‍රව්‍යවලට පාසල් දරුවන්, උසස්
    අධ්‍යාපනය ලබන සිසුන් ගොදුරු නොවන ආකාරයට ඔවුන් සමාජගත කිරීමට අවශ්‍ය සැලසුම් අපි සකස් කරනවා.

    එය සමාජය වගේම රටත් සංවර්ධනය කිරීමේ වැදගත් කටයුත්තක් ලෙසයි මා දකින්නේ.

    අද සමහරු මරණ දඬුවම ගැන කතා කරනවා.

    මරණ දඬුවම නියමවූවන්ට එය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මතවාද ඉදිරිපත් කරනවා.

    අධ්‍යාපනය තුළ මේ පිළිබඳ සැළකිලිමත් වු‍වහොත් මත්ද්‍රව්‍ය උවදුරෙ‍න් පාසල් දරුවන් මෙන් ම තරුණ පරපුර ද ගලවා ගැනීමට අපට
    හැකියාව ලැබෙනවා.

    ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය අවශ්‍ය සියලු විධිවිධාන සකසන්නට පසුබට වෙන්නේ නැහැ.
    යනුවෙන් ද පැවසීය.

    මෙම අවස්ථාව සඳහා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, අතිඋතුම් ක්වින්ටස් ප්‍රනාන්දු හිමිපාණන්
    ඇතුළු පිරිසක් ද එක්වූහ.

    Latest News