59 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

පෙබ 23, 2021

    මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පිහිටි 59 වන සේනාංකායේ 18 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩී.ජී සූරියබණ්ඩාර ඉකුත් සිකුරාදා (19) දින එම සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී හමුදා සම්ප්‍රදායානූකූලව සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.

    සේනාංක මුලස්ථානයට සපැමිණි නව සේනාංකාධිපතිතුමන් මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ.

    ඉන් අනතුරුව, සිය කාර්යාලයේදී නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත් නව සේනාංකාධිපතිතුමන් එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කරමින් සියලු නිල තේපැන් සංග්‍රහයකට ද සහභාගී වූයේය.

    ඉන් අනතුරුව නිලධාරීන් සහ සෙසුනිලයන් ඇමතු නව සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ ඉදිරි වැඩපිළිවෙල සහ ප්‍රජා ව්‍යාපෘතීන් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව ද කරුණු අවධාරණය කළේය.

    මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

    Latest News